---තමන්ගේ ම එළියෙන් දැවුණු කඳෝපැණියා----
“මිනිසා ස්වභාවයෙන්ම යහපත් යැයි කියන විට අප ඉතා ශ්‍රේෂ්ට යමක් කියන බව අපි සිතමු.එහෙත් මිනිසා ස්වභාවයෙන්ම නරක යැයි කියන විට අප ඊට වඩා ශ්‍රේෂ්ට යමක් කියවෙන බව සිහිතබාගත යුතුයැ“ යි ශ්‍රේෂ්ට ජර්මානු මුනිවර හේගල් කියා ඇත්තේය. හේගල් සමතික්‍රමණය කළා වූ, මාක්ස් කීවේ “මිනිසා යනු පරිසරයේත් සමාජයේත් ශික්ෂණයක්“ බවයි.එතෙකුදු මාක්ස් අවධාරණය කළේ “ශික්ෂිතයාද ශික්ෂණය කළ යුතුම“ බවයි.
සාධුතර පුද්ගල විශිෂ්ටතා මානවීය වූ පෘථිවි පැවැත්මේ පදනම නොවේ. සමාජීය වූ, සාමුහික පැවැත්ම “යහපත“ පිළිබද පුද්ගල චර්යාව ට පදනම් වෙයි.එය තනි තනි පුද්ගලයාගේ කැමැත්ත වන්නේ නොවේ.“යහපත“ සාපේක්ෂ නමුත් සමාජයත් පුද්ගලයාත් අතරවන අපෝහක පැවැත්ම, අනාගතවාදී මානව අර්ථයකින් සුසාධනය කිරීම “යහපත“ යි කියමු.
එහෙත් යළිත් කියන්නේ නම් මේ “යහපත“ පුද්ගලයා ස්වේච්ඡාවෙන් තෝරාගන්නා “උපන්ගෙයි“ පුරුද්දක් වන්නේ නැත.සමාජය ඊට පසුබිම පදනම සදා දී,පුද්ගලයා ඒ මානවීය ක්‍රියාකාරකම් දෙසට දැක්කිය යුතුය.
එසේ නොවන සමාජයක පුද්ගල සාධු ප්‍රාර්ථනා හා වික්‍රමාන්විතයෝ හුදු සංත්‍රාසයන්ව ඇදී මැකී යයි.මානව නැඹිඹර නම්,වසන්ත රාත්‍රීයේ සදා සූදීප්තව කැපී නොපෙනෙයි. ක්ෂණිකව පෙනී කැපෙයි.!!
ජැක්සන් ඇන්තනී නම්, විශිෂ්ඨ හැකියා අරා දරා ගත් රංගන ශිල්පියා අද පත්ව ඇති දසාව තේරුම් ගැනීමට මේ පසුබිම ඉතා වැදගත්ය.
ජැක්සන් ඇන්තනී යනු හුදු ඕපපාතික සත්වයෙක් නොවේ.1956 දී බණ්ඩාරණායක විසින් ගෙල සිඳින ලද මුත් පරිනාමය වෙමින් පැවති පෘථුල සංස්කෘතියක් ගුරු කොටගත් අවසාන පරම්පරාවේ සංරචකයකි ඔහු.මනමේ,ගම්පෙරලිය,රේඛාව,මල් ලේ නැති ඇට, නිපදවෙන්නට පිටුබල වූ සංස්කෘතික මුදුන් මුල් සිඳ දමද්දී,ඉන් පෝෂණය වූ පරම්පරාවක් තවමත් ඉතිරීව සිටි අතර ජැක්සන් ශික්ෂණය ලැබූවේ ඒ වාසනාවන්ත පරම්පරාවෙනි.
අනික් සුවිශේෂ කරුණනම් 1971 සමාජ අරගලයට පිටුබල වූත්,එකී අරගලයේ ප්‍රතිඵල වූත් සමාජ ක්‍රියාකාරකම් අත්දකින්නට ජැක්සන් වාසනාවන්ත වීමය.1980 න් මෙපිට උතුරේත් දකුණේ ත් සමාජ සංක්ෂෝපය උජ්වලිතව නැගෙද්දී , සිය පදනම් ඇඟයුම් පාවා නොදෙන්නට ජැක්සන්ට බල කළාහූ මේ සමාජයයි.ජැක්සන් අවංකව ඒ සමාජ අණ පිළිගත් හෙයින් සමාජය ඔහුට සිය විශිෂ්ඨ හැකියාව ප්‍රකට කළ හැකි නිර්මාණ සිය (සමාජයේ) උපරිමයෙන් නිමවා දුන්නෝය.ජැක්සන් ද සිය පුද්ගල හැකියාව හා කැපවීමෙන් එකී නිර්මාණයන්ට සාධාරණය ඉටු කළෝය.මේ අපෝහක සම්බන්ධය පවත්වාගන්නට සමාජය සමත්වීනම්,යුග කාරක නළුවකු ලොවට දායාද කරන්නට තිබිණි.
එහෙත් 1989 දී සියල්ල විනාශ විය. 1994 දී සමාජය පසුබසින්නට ස්ථීරවම තීරණය කළේය.1994 න් ඇරඹි යුගය සමාජ පරාජයේ ප්‍රකාශන යුගය විය.ඒ 1977 න් ඇරඹී විනාශකාරී සමාජ දේශපාලන ආර්ථීක ප්‍රතිපත්තීන්හී ඵල නෙළන යුගය හෙයිනි. ඒවා පුද්ගල වැරදි නොව පුද්ගලත්වයට වඩා අති මහත් බලවත් සමාජ හේතූ විය.
සමාජය හා වන අපෝහක සුසංවාදයෙන් තමන්ට තව දුරටත් පැවැත්මක් නැති බව සමාජ සංවේදීයෙකු වූ ජැක්සන් වහා තේරූම් ගත්තේය. ඔහු ඒ සමාජය අතැර වඩා සුවපහසු පැවැත්මක් හා ක්‍රියාකාරකමක් තොරා ගත්තේය.දැන් ඔහුට කාටවත් වඟකීමක් නැත.කළින් සමාජය ඔහුගෙන් ඇඟ රිදෙන යමක් බලාපොරොත්තු වූවද දැන් එසේ නැත.
දැන් ඔහු ඔහුගේ මනෝ රාජධානීයේ අසම සම රජුය.ඔහුට ඒ රජ වරම දුන දෙවියන්වහන්සේට ප්‍රශස්තී ගැයීම ඔහුගේ නව පූජක රාජකාරියයි.
ඔහු පුද්ගලවශයෙන් මනෝලොවක රජෙකි.සමාජීය වශයෙන් ප්‍රකට පූජකයෙකි.මේ දෙබිඩි ජීවිතය ස්ථීරසාර මනෝ ව්‍යාධීයක් හෙයින් ඔහු කිසි දිනක යළී ප්‍රකෘති තත්වයට එළඹෙන්නේ නැති වීම පුද්ගල ඛේදවාචකයකි.
සියලු ගෞරවනීයත්වයන් වටා වූ බ්‍යාමප්‍රභා මණ්ඩල අහෝසී කොට ශුද්ධ වූ සියල්ල කෙලෙසා ,ගණ වූ සියල්ල ධනවාදය විසින් වාශ්ප කෙරේ යැයි මාක්ස් කීවේ මේ නිසාය.
යථාර්ථය මාක්ස්වාදී වීම ජැක්සන් ඇන්තනීගේ වරදක් නොවේ.
©ගාමිණී ඒකනායක

No comments:
Post a Comment